රුසියානු ජාතිකයෙකු විසින් පවත්වාගෙන ගිය ගංජා වගාව

රුසියානු ජාතිකයෙකු විසින් පවත්වාගෙන ගිය ගංජා වගාව

රුසියානු ජාතිකයෙකු විසින් පවත්වාගෙන ගිය ගංජා වගාවක් සොයා ගැනීමට හබරාදුව පොලිසිය සමත් වී තිබේ.

රුසියානු ජාතිකයෙකුට පහර දී මුදල් බලෙන් ලබා ගැනීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රුසියානු ජාතිකයෙකු සම්බන්ධව විමර්ශන කිරීමේ දී මෙම ගංජා වගාව සොයාගත් බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් රුසියානු ජාතිකයා නවාතැන්ගෙන සිටි වංචාවල ,කදුරුදූව ප්‍රදේශයේ නවාතැන් පළක රහසිගතව මෙම ගංඡා වගාව සිදුකරගෙන ගොස් ඇති බව පොලීසිය වැඩිදුරටත් අනාවරණය කෙරේ.

එහි තිබූ ගංජා පැළ 591 පොලිස් බාරයට ගෙන ඇති අතර එම ගංජා පැළ සමග රුසියානු ජාතිකයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Share This