අකුණු සැර වැදී එකම පවුලේ අයියා සහ නංගී මරුට

අකුණු සැර වැදී එකම පවුලේ අයියා සහ නංගී මරුට

රත්තොට, වැල්ගාලයාය ප්‍රදේශයේදී අකුණු සැර වැදී එකම පවුලේ සහෝදරයා සහ සහෝදරිය ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, වැල්ගාලයාය, රත්තොට ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි දැරියක් හා 23 හැවිරිදි තරුණයෙකි.

පොලීසිය සඳහන් කළේ, ඊයේ (29) සවස් කාලයේදී ඇති වූ වර්ෂාව සමග අකුණු සැර වැදී ඇති බවයි.

මෘත ශරීර රත්තොට රෝහලේ තැන්පත් කර ඇති අතර රත්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.