සක්විති සහ හිටපු බිරිඳට ලොකු දඩයක් – නොගෙව්වොත් හිරේ
මුල්‍ය සමාගම් පනත උල්ලංඝනය කරමින් සමාගමක් පවත්වාගෙන යෑම සහ ඒ සඳහා ආධාර අනුබල දීම යන අධිචෝදනා වලට වරද පිළිගත් ප්‍රකට පෞද්ගලික පන්ති ගුරුවරයෙකු වන අභයරණසිංහ මුදියන්සේලාගේ චන්දන වීරකුමාර හෙවත් ‘සක්විති රණසිංහ’ නැමැත්තාට සහ ඔහුගේ හිටපු බිරිඳ කුමාරි අනුරාධනී නැමැත්තියට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා රුපියල් ලක්ෂ 18 බැගින් දඩ නියම කර තිබේ.
එම දඩය නොගෙවන්නේ නම් මාස 24 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් ලබාදීමට ද විනිසුරුවරයා නියෝග කර ඇත.
2006 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මුල්‍ය සමාගමක් පවත්වාගෙන යෑම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් එම විත්තිකරුන් වෙත පවරා තිබූ නඩුවක් අද (12) දින කැඳවූ අවස්ථාවේ දී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා සහ ජ්‍යේෂ්ඨ නීතිඥ ගාමිණී අල්විස් මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරුවරයා එකී චෝදනා වලට වරද පිළිගැනීමට අවසර ලබාදෙනු ලැබීය.