ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවේ සංශෝධන කිහිපයකට අනුමැතිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවේ සංශෝධන කිහිපයකට අනුමැතිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඡන්දය හිමි සාමාජිකයන්ගේ සංඛ්‍යාව 147 සිට 60 දක්වා අඩුකිරීම සඳහා අනුමැතිය ලබාදුන් බව එම ආයතනය නිවේදනය කරයි.

ක්‍රිකට් ආයතනයේ අද (20) පැවැත් වූ විශේෂ මහ සභා රැස්වීමේදී මෙම අනුමැතිය හිමිව තිබේ.

එසේම, එම ආයතනයේ ව්‍යවස්ථාවට සැලකිය යුතු සංශෝධන කිහිපයක් සිදු කළ බවද ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මේ අතර ක්‍රිකට් ආයතනයේ මූල්‍ය කළමනාකරණයේ විනිවිදභාවය ශක්තිමත් කිරීම සඳහා විගණන කමිටුව, ආයෝජන සහ අයවැය කමිටු පිහිටුවීම මෙම මහා සභා රැස්වීමේ දී ඒකමතිකව අනුමත කර ඇති බවයි, වාර්තා වන්නේ.