ලොකු ලූනු ගිනි ගණන් වෙයි

ලොකු ලූනු ගිනි ගණන් වෙයි

ලොකු ලූනු කිලෝවක මිල හිටිහැටියේ රුපියල් 100 කට අධික මුදලකින් ඉහළ යාමෙන් ලොකු ලුණු කිලෝවක සිල්ලර මිල රුපියල් 450ක් බවට පත්ව ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කරති.

පිටකොටුව තොග වෙළඳපොලේ මීට දින දෙකකට පෙර කිලෝවක් රුපියල් 260ත් 280 ත් අතර පැවති ලොකු ලූණු කිලෝවක තොග මිල ඊයේ වන විට රුපියල් 380ක් බවට පත්ව තිබූ බවත් එවැනි ආකාරයකට මිල වැඩි වූයේ කෙසේදැයි පාරිභෝගිකයෝ පවසති.

ලංකා සතොස ද ලොකු ලුණු කිලෝවක් රුපියල් 365 කට ඊයේ දිනයේ අලෙවි කළ බවත් රාජ්‍ය ආයතනයක් එවැනි ආකාරයට මිල වැඩි කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කරන බවත් පාරිභෝගිකයෝ වැඩිදුරටත් සඳහන් කරයි.