
ජාතික පාසල් විදුහල්පති තනතුරු පිරවීම සඳහා අයදුම්පත් කැඳවයි
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ විදුහල්පති තනතුරුවල පුරප්පාඩු පිරවීමට අදාළව ශ්‍රී ලං.අ.ප.සේ. 1 ශ්‍රේණියේ නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
අදාළ අයදුම්පත් සහ වෙනත් අවශ්‍ය ලේඛන 2024 දෙසැම්බර් 11 වන දින අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ පළ කර ඇති අතර, ඉල්ලුම්කරුවන්ට 2024 දෙසැම්බර් 31 වන දිනට පෙර අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකි බවයි සඳහන් වන්නේ.
ඒ අනුව, එම නිවේදනය, පාසල් ලේඛනය, ලකුණු පටිපාටිය සහ ආදර්ශ අයදුම්පත අමාත්‍යාංශ වෙබ් අඩවියේ ‘විශේෂ දැන්වීම්’ යටතේ බාගත කිරීමට හැකියි.