දවසේ ලග්න පලාපල – 2023 ජූලි මස 20 වන බ්‍රහස්පතින්දා

දවසේ ලග්න පලාපල – 2023 ජූලි මස 20 වන බ්‍රහස්පතින්දා

රාහු කාලය
1:50 pm – 3:24 pm

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
දකුණ

Qries

මේෂ

ශුභවාදී ඵල ගෙනදෙයි. නව නිර්මාණ ඇරඹීමට හේතුයි. ප්‍රීති උත්සව සාදවලට සහභාගි වෙයි. උගතුන් වියතුන් ඇසුරට පත්වෙයි. දුරගමන් ඇතිවෙයි. වැයපසද ඉහළ යයි. සෙම් කෝප රෝග සාදයි.

Date: 2023-07-20
ජය අංකය: 01
ශුභ වර්ණය: රන්වන්
Qries

වෘෂභ

කාර්ය බහුල වෙයි. ඥාති මිත්‍ර සබඳතා වර්ධනය වන ක්‍රියාවන්හි යෙදේ. ක්‍රියාකාරකම් වලදී ප්‍රසාදය දිනයි. නීතිමය ගැටලුවකින් ජයග්‍රහණ ලබයි. හදිසි ධන ලාභයක් ලබයි. සන්ධි ප්‍රදාහ රෝග ඉදිමුම් රෝග මතු කරයි.

Date: 2023-07-20
ජය අංකය: 02
ශුභ වර්ණය: ලා කොළ
Qries

මිථුන

ක්‍රියාකාරි දිනකි. ලිඛිත ක්‍රියාවන්ගෙන් ජය ලබයි. තම අරමුණු ජයගනී. ප්‍රීති සාදවලට සහභාගි වෙයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. තම ළඟම ඥාති උපකාර මත ජයග්‍රහණ ලබයි. අර්ශස් රෝග බඩවැල් රෝග මතු කරයි.

Date: 2023-07-20
ජය අංකය: 03
ශුභ වර්ණය: සුදු
Qries

කටක

තරමක් ක්‍රියාකාරකම් බහුල වෙයි. අවිවේකී බව ඇති කරයි. තම ඥාතීන් ඒකරාශීව ක්‍රියා කරයි. යහපත් ක්‍රියාවන්හි යෙදේ. ආගමිකවතාවන් වලද යෙදෙන අතර හදිසි ලාභ ලබයි. සිරස ගත රෝගද මතු කරයි.

Date: 2023-07-20
ජය අංකය: 05
ශුභ වර්ණය: කහ
Qries

සිංහ

ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. රැකියා ස්ථානවල සතුරු බලපෑම් එල්ල වෙයි. මනස චංචල වෙයි. යාන වාහන විකිණීමට මිලට ගැනීමට ශුභයි. හදිසි ධන වාසනා ලබයි. කොන්දෙ අමාරු වාත රෝග සාදයි.

Date: 2023-07-20
ජය අංකය: 06
ශුභ වර්ණය: රෝස
Qries

කන්‍යා

ශුභාශුභ මිශ්‍රඵල යෙදේ. ඥාති මිත්‍රාදීන් ඒකරාශිව ක්‍රියා කරයි. විනෝද ගමන් ප්‍රීතිසාද වැනි දේවලට සහභාගිවීමේ අවස්ථා යෙදෙන අතර වැයපස ඉහළ යයි. මුත්‍රා ආසාදන මතුවේ.

Date: 2023-07-20
ජය අංකය: 07
ශුභ වර්ණය: කොළ
Qries

තුලා

ගමන් බිමන් බහුල වන අතර ප්‍රීතිසාද වලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. නිවාස අලුත්වැඩියාවකට හේතුයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. වැයපසද ඉහළයි. කර්ණ රෝග, දන්ත රෝග මතුවේ.

Date: 2023-07-20
ජය අංකය: 04
ශුභ වර්ණය: ක්‍රීම
Qries

වෘශ්චික

ශුභාශුභ ඵල මතු කරයි. ගමන් බිමන් බහුල වෙයි. නිශ්ඵල දේ සඳහා වැය කිරීම් ඇතිවන අතර බුද්ධිමත්ව ක්‍රියා කළ යුතු දිනකි. නයතුරුස්වීම් වලට හේතුයි. අභ්‍යන්තර ඉන්ද්‍රියන්හි රෝග මතුවේ.

Date: 2023-07-20
ජය අංකය: 09
ශුභ වර්ණය: රතු
Qries

ධනු

ශුභවාදී ඵලදෙයි. දහමට ලැදිව ක්‍රියා කරයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශිව ක්‍රියා කරයි. විනෝද ක්‍රියා හා ගමන් යෙදේ. නව මිතුදම් ඇතිවෙයි. මිල මුදල් වැයවෙන දිනකි. පාද ආබාධ සන්ධි රෝග සාදයි.

Date: 2023-07-20
ජය අංකය: 01
ශුභ වර්ණය: තැඹිලි
Qries

මකර

ශුභාශුභ ඵලදෙයි. උත්සව සැණකෙළි වැනි දේට සහභාගිවීමේ අවස්ථා යෙදේ. විනෝදජනක ක්‍රියාවල යෙදෙන අතර තම ඥාති මිත්‍රාදීන් ඒකරාශිව ක්‍රියා කරයි. අමතර ලාභ ලබයි. සෙම් බහුල වී රෝග මතු කරයි.

Date: 2023-07-20
ජය අංකය: 08
ශුභ වර්ණය: තද දුඹුරු
Qries

කුම්භ

ගමන් බිමන් අධික වන අතර අවිවේකී දිනකි. පොදු සේවා කටයුතු සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහි යෙදේ. නිවස උත්සවශ්‍රියාවක් ගෙනදෙයි. තම ඥාති මිත්‍රාදීන් එක්ව ක්‍රියාකරයි. කොන්දේ අමාරු වාතාධික රෝග මතුවේ.

Date: 2023-07-20
ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්
Qries

මීන

අවිවේකී බව ගෙනදෙයි. ප්‍රීති සාද සැණකෙළි වැනි දේවලට සහභාගි වෙයි. නවක මිතුදම් ඇතිවෙයි. තම ඥාතීන් වෙනුවෙන් යුතුකම් ඉටුකරයි. මිල මුදල් තරමක් වැයකරන දිනකි. සිරසගත රෝගද හේතුයි.

Date: 2023-07-20
ජය අංකය: 09
ශුභ වර්ණය: දම්
Share This