ලිට්රෝ ගෑස් මිල නැවතත් අඩු කෙරේ

ලිට්රෝ ගෑස් මිල නැවතත් අඩු කෙරේ

ගෘහස්ථ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල ලබන මස මුලදී නැවතත් අඩු කරන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

ඒ අනුව, ඉදිරියේදී නව මිල ගණන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් මෙය මෑතකදී සිදුකරන සිව්වන මිල අඩු කිරීම බවත් ඒ මහතා පැවසීය.

පසුගිය පස්වනදා ලිට්රෝ සමාගම විසින් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 452 කින් අඩු කළ අතර, ඒ අනුව මේ වනවිට එය රුපියල් 3,186ක්ට අලෙවි වේ.

එමෙන්ම කිලෝග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 181 කින් අඩු වුන අතර මේ වනවිට එය රුපියල් 1,281 මිලකට අලෙවි වේ.