වස පානය කර පාසල් ආ සිසුවාට වුන දේ!

වස පානය කර පාසල් ආ සිසුවාට වුන දේ!

වස පානය කර පාසලට පැමිණි පාසල් සිසුවෙකු වටවල ප්‍රාදේශිය රෝහල වෙත අද (21) දින ඇතුලත් කිරිමෙන් පසු එම සිසුවා වැඩිදුර ප්‍රතිකාර සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යැවු බව වටවල පොලිසිය පැවසීය.

මෙසේ රෝහල් ගත කරනු ලැබුවේ, හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන ප්‍රධාන දමිල පාසලක 10 වසරේ අධ්‍යාපනය ලබන අවු 16 හැවිරිදි සිසුවෙකි.

එම පාසලේ ගුරුවරුන් කිහිපදෙනෙකු තමන්ට සහ තම නැගණියට නිරන්තරයෙන් බැන වැදිම නිසා එය ඉවසාගත නොහැකිව එලළුව වගාව ආරක්ෂා කර ගැනිම සදහා රැගෙනවිත් තිබු කෘමිනාශක දියරයක් නිවසේදි පානය කර පාසලට තමන් පැමිණි බව එම සිසුවා විසින් වටවල රෝහලේ වෛද්‍යවරුන්ට පවසා ඇත.

කෘමිනාශක දියර පානය කර පාසලට පැමිණි සිසුවාගෙන් යම් දුගන්ධයක් වාහනය වන බවට එම පාසලේ පන්තියේ ළමුන් අචාර්ය මණ්ඩලයට දැනුම් දිමෙන් පසු වහාම ක්‍රියාත්මක වු අචාර්ය මණ්ඩලය සිසුවා රෝහල් ගත කර ඇත.