වෙඩි තැබීමකින් “මන්න රොෂාන්” ඇතුළු දෙදෙනෙක් මරුට

වෙඩි තැබීමකින් “මන්න රොෂාන්” ඇතුළු දෙදෙනෙක් මරුට

පාදුක්ක තුන්තාන ප්‍රදේශයේ පිහිටි වෙන්දේසි ඉඩමක අද (25) උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් පාතාල සාමාජිකයන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වෙයි.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, පාතාල කල්ලි සාමාජීකයන් වන දොන් ඉන්දික හෙවත් “මන්න රොෂාන්” සහ ඔහුගේ ගෝලයෙක් බවට වැඩිදුරටත් වාර්තා වෙයි

මෙය පාතාලයේ අභ්‍යන්තර ගැටුමක් මත සිදු වූ ඝාතනයක් බවට පොලිසිය සක පල කරයි.

“මන්නා රොෂාන්” නැමැත්තා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයෙක් බවත් පාතාලයේ යම් හැසිරීම් පෙන්නුම් කළද මිනී මැරුම් වැනි බරපතල අපරාධ චෝදනාවලට වරදකරුවෙක් වූ පුද්ගලයෙක් නොවන බවත් විමර්ශන අංශ පවසයි.

ඔහුට වර්ෂ 2019 දී බෝම්බයක් සිය සන්තකයේ තබාගැනීමේ චෝදනාවක් තිබේ. මීට මාසයකට පමණ ඉහතදී පුද්ගලයෙකුට යකඩ පොල්ල කින් පහරදීමේ චෝදනාවකට ඔහු රිමාන්ඩ් බන්ධනාගාරයේ ගත කර ඇත.

මන්නා රොෂාන් ඉපදී හැදී වැඩී ඇත්තේ තංගල්ල ප්‍රදේශයේය.ඝාතනය වන අවස්ථාව වනවිට ඔහු පූගොඩ ප්‍රදේශයේ බිරිය සමග පදිංචි වී සිට ඇත.

ඝාතනයට ලක් වූ ඔහුගේ සගයාත් මත්ද්‍රව්‍යවලට හුරු වූ ආබාධිත පුද්ගලයෙකි.

මියගිය මන්නා රොෂාන් නැමැත්තාගේ බිරිය විමර්ශන අංශ වෙත පවසා ඇත්තේ අළුයම ලැබුණු දුරකථන ඇමතුමක් අනුව සිය සැමියා යම් පුද්ගලයෙක් හමුවිය යුතු බව කියා නිවසින් පිටත්ව ගිය බවය.

එම දුරකථන ඇමතුම ලබා දී තිබුණේ දැනට ඩුබායිහි වෙසෙන පාතාල අපරාධකරුවෙක් වූ ලලිත් කන්නංගර විසින් යැයි සැමියා කී බව ද ඇය පවසා තිබේ.

දැනට විමර්ශන අංශ හෙළි කරගෙන ඇති ආකාරයට මෙම ගමන පිටත්වන්නට පෙර මන්නා රොෂාන් නැමැත්තා යම් පුද්ගලයෙකුගේ ගිනුමක් වෙත රුපියල් පහළොස් දහසක් බැර කර තිබේ. එම ගිනුම් හිමියා සම්බන්ධව ද විශේෂ අවධානයක් යොමු වී ඇත.

මන්නා රමේෂ් සහ ඔහුගේ මිතුරා ඝාතනය කර ඇත්තේ වෙඩි 21ක් තැබීමෙන් බවත්, මේ ඝාතනය සැලසුම්කළ ඝාතකයින් මෙම පුද්ගලයින් දෙදෙනා පාදුක්ක තුන්තාන වෙන්දේසි වත්තට ගෙන්වා ඝාතනය කර ඇති බවත් විමර්ශන අංශ වෙත පෙනී ගොස් තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශන සිදුකෙරේ.

 

Share This