මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර්ට විදෙස් ගමන් තහනමක්

මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර්ට විදෙස් ගමන් තහනමක්

දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විදෙස් ගත වීම තහනම් කරමින් කිලිනොච්චිය අධිකරණය නියෝගයක් නිකුත් කළේය.

යාපනය වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේදී පැවති ජනහමුවක් අතරතුරදී පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකු සමග ඇති වූ බහින් බස්වීමක් සහ අසල පිහිටි විභාග මධ්‍යස්ථානයක පොලිස් නිලධාරියකු සමගද උණුසුම් වචන හුවමාරුවක් සිදුකරගැනීම සමබන්ධයෙන්  මෙම නියෝගය නිකුත් කර ඇත.