බස් රථ දෙකක් ගැටී පාසල් ළමුන් 5ක් රෝහලට

බස් රථ දෙකක් ගැටී පාසල් ළමුන් 5ක් රෝහලට

දියතලාව බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ කහගොල්ල ප්‍රදේශීය අද 16 උදේ පාසල් බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් පාසල් ළමුන් පස් දෙනකු සහ එහි රියදුරු තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි.

පෙරවරු 6.30ට පමණ අනතුර සිදු වීමත් සමග පාසල් බස් රථ ඇතුළු වෙනත් වාහන වලට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය දැනුම් දී තිබුණි.

බස් රථ අනතුරින් පසුව රියදුරු අසුනෙහි සිරවීම නිසා ඔහු මුදවා ගැනීමට පොලීසිය ඇතුළු ප්‍රදේශවාසීහු මහත් පරිශ්‍රමයක් දරා තිබුණි.

තුවාල ලැබූ පාසල් ළමුන්ගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බව පොලීසිය කියයි.

දියතලාව සිට බණ්ඩාරවෙලට ගමන් ගත් පාසල් බස් රථයේ සිටි පාසල් සිසුන් පස් දෙනෙකු තුවාල ලබා තිබේ.‍

May be an image of 7 people and text

May be an image of ambulance and text

May be an image of 1 person, motorcycle and text

May be an image of 1 person, ambulance and text

May be an image of 3 people and text

 

Share This