මංගල ගුවන් ගමනේදීම පුපුරා ගිය රොකට්ටුව

මංගල ගුවන් ගමනේදීම පුපුරා ගිය රොකට්ටුව

ඉලොන් මස්ක්ගේ SpaceX සමාගමට අයත් නවතම රොකට්ටුව වන Starship රොකට්ටුව එහි මංගල ගුවන් ගමනේදීම පුපුරාගොස් තිබේ.

ඊයේ (20) උදෑසන ටෙක්සාස් හි නැගෙනහිර වෙරළ තීරයෙන් ඔසවන ලද එම කාර්ය මණ්ඩල රහිත පරීක්ෂණයෙන් කිසිවෙකුට හානියක් සිදුවී නොමැති බවයි වාර්තා වන්නේ.

විනාඩි තුනක පමණ කාලයක් තුළ පොළව මට්ටමේ සිට කිළෝමීටර් 40ක් පමණ ඉහළ ගිය එම රොකට්ටුව පාලනයෙන් මිදීමට පටන් ගෙන ඇති අතර පසුව එය පුපුරාගිය බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

අදාළ පිපිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් එලෝන් මස්ක් පවසා ඇත්තේ, තම සමාගම මාස කිහිපයකින් තවත් දියත් කිරීමකට උත්සාහ කරන බවයි.

 

Share This