යාපනෙන් තවත් කොරෝනා රෝගීන් පස් දෙනෙකු හමුවෙයි

යාපනෙන් තවත් කොරෝනා රෝගීන් පස් දෙනෙකු හමුවෙයි

යාපනයේදී තවත් කොරෝනා රෝගීන් පස් දෙනෙකු හමු වී ඇති අතර, ඔවුන් වෛද්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධායනයට ලක් කොට තිබේ.

මීට පෙර පේදුරුතුඩුව හා යාපනය නගරය යන ප්‍රදේශවලින් කොරෝනා රෝගීන් පස් දෙනකු හමු වීමෙන් පසුව ඔවුන් හුදෙකලා කොට ඔවුන්ට නිරෝධායන පහසුකම් පසුගිය සතියේදී රෝහල් බලධාරීන් විසින් සපයා දි තිබිණි.

එම කොරෝනා රෝගීන් හමු වීමෙන් පසු යාපනය ශික්ෂණ රෝහලට සාමාන්‍ය උණ රෝගයට ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන් පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසු අලුත් කොරෝනා රෝගීන් පස් දෙනා හමු වී තිබේ.

උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරන්නේ තවදුරටත් කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඉහළ ගිය හොත් කොරෝනා රෝගයෙන් ආරක්ෂා වීමට ගනු ලබන වෛද්‍ය උපදෙස් යාපනය අර්ධද්වීපය පුරා ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමට සිදු වන බවයි.