පොහොට්ටුවේ මහා සභා රැස්වීම නීති විරෝධියි ! ජී එල් ගෙන් අධිකරණ ක්‍රියා මාර්ගයක්

පොහොට්ටුවේ මහා සභා රැස්වීම නීති විරෝධියි ! ජී එල් ගෙන් අධිකරණ ක්‍රියා මාර්ගයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා සභා රැස්වීම හෙට (22) දිනයේ දී බත්තරමුල්ල, නෙළුම් මාවත පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබෙනවා.

එම මහා සභා රැස්වීමේ න්‍යාය පත්‍රය පක්ෂයේ සභාපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජී.එල්. පීරිස් වෙත පක්ෂ මහලේකම් සාගර කාරියවසම් විසින් පසුගිය 11 වනදා යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව අදාළ න්‍යාය පත්‍රය සහ මහ සභාවේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කරමින් මහාචාර්ය ජී.එල්. පීරිස් විසින් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව තම නීතිඥයන් හරහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා වෙත දන්වා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

එමෙන්ම මහා සභාවේ දී ගනු ලබන සියලු තීරණ වලංගු භාවයෙන් තොර හා ශූන්‍ය හා ක්‍රියා විරහිත යන පදනම මත මෙම අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ද සඳහන්.

Share This