ඇමති රොෂාන්ගෙන් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්

ඇමති රොෂාන්ගෙන් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්

තමන්ට චෝදනාවක් ගොනු කිරිම වෙනුවෙන් කල්ලියක් කටයුතු කරමින් සිටින බවත් ඒ පිළිබඳව අද (27) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරන බවත් අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

“මම හෙට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරනවා. දැන් කොහොමහරි බලන්නේ මට චෝදනාවක් ගොනු කරන්න. ඒ කාරණේ මොකක් ද? මොකක් ද කරන්න යන්නේ, මේකේ ඉලක්කය කියන එක මම හෙට පැහැදිලි කරන්නන්. මේ හැම දෙයක්ම පිටිපස්සේ තියෙන්නේ කුමක්ද? අරමුණ මොකක් ද?

මේකේ පිටිපස්සේ ඉන්න දූෂිත කල්ලිය කවුද ? මේ අය කරන්න යන්නේ මොකක්ද කියලා මම පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරන්න බලාපොරොත්තු වෙනවා. 225ම හොරු කියලා. අපි ඒ ගොඩට වැටෙන්න කැමති නෑ.”

ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වාරියපොළ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.