සාපෙළ ප්‍රතිපල නිකුත් කෙරෙන දින ගැන දැනුම් දීමක්

සාපෙළ ප්‍රතිපල නිකුත් කෙරෙන දින ගැන දැනුම් දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස 30 වැනිදා සහ දෙසැම්බර් මස 02 වැනිදා අතර කාලයේ දී නිකුත් කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

පසුගිය මැයි මස 29 වැනිදා සිට ජුනි මස 8 වැනිදා දක්වා පැවති මෙම විභාගයට පාසල් සහ පෞද්ගලික අයැදුම්කරුවෝ ලක්ෂ තුනක් පමණ පෙනී සිටියහ.

පසුගිය උසස් පෙළ විභාගය පැවැත්වීම හා උත්තර පත්‍ර ඇගයීම් ප්‍රමාද වීම මෙම ප්‍රතිඵල නිකුත් කිරීමට ද බලපෑ බව දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

උපයන විට අය කරන බද්දට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරු උත්තර පත්‍ර ඇගයීම් වර්ජනය කර තිබිණි.