රිවේරා කොළඹ වරායට

රිවේරා කොළඹ වරායට

මගීන් 1090 ක් සහ කාර්ය මණ්ඩලය 790 ක් රැගත් රිවේරා සුඛෝපභෝගී මගී නෞකාව අද (15) අලුයම කොළඹ වරායට පැමිණ තිබේ.

මෙම නෞකාව පැමිණ ඇත්තේ මාලදිවයිනේ සිටයි.

මාෂල් ධජය යටතේ ගමන් කරන මෙම නෞකාවෙන් ඇමරිකානු, කැනේඩියානු සහ ඉන්දියානු සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත.

ඔවුන් කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක සංචාරය කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.

රිවේරා නෞකාව හෙට හම්බන්තොට වරාය බලා ගමන් කරන අතර, අනතුරුව තායිලන්තය බලා පිටත් යෑමට නියමිතයි.