ඩොලරය තවත් ඉහළට

ඩොලරය තවත් ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (26) යළිත් ඉහළයාමක් සිදුව තිබේ.

ඒ අනුව, අද (27) දිනයේ ඩොලරයක ගැණුම් මිල රුපියල් 301.32ක් ලෙස හා විකුණුම් මිල රුපියල් 316.72ක් ලෙසයි, ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

ඊයේ (26) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 299.83ක් ලෙස හා විකුණුම් මිල රුපියල් 314.92ක් ලෙසයි, ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබුණේ.

මේ අතර, අද දිනයේ මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැණුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,

මහජන බැංකුව – රු. 300.71 – රු. 318.05

සම්පත් බැංකුව – රු. 300.00 – රු. 315.00

කොමර්ෂල් බැංකුවේ – රු. 299.66 – රු. 316.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 302.00 – රු. 318.00

සෙලාන් බැංකුව – රු. 300.50 – රු. 315.50

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.299.00 – රු. 319.00

එන්.ඩී.බී. (NDB) – රු. 300.00 – රු. 315.00

අමානා බැංකුව – රු. 305.00 – රු.315.00

ලංකා බැංකුව – රු.302.00 – රු. 316.42