සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් හෙට වර්ජනයේ

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් හෙට වර්ජනයේ

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000ක දීමනාව තමන්ටද ලබා දෙන ලෙස ඉල්ලමින් හෙට (16) පෙරවරු 6.30 සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක නිරත වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසනවා.

සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ආර්ථික යුක්තිය ඉටු කිරීමට බල කරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ඒකාබද්ධව මෙම වැඩ වර්ජනයක ක්‍රියාත්මක කරන බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය වැඩිදුරටත් සඳහන් කළේ

තම ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා කිසිදු සාකච්ඡාවක් ලබා දී නොමැති බවයි වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ.

මේ අතර වර්ජනය මැඩපැවැත්වීම සඳහා හමුදා බලය යොදවන්නේ නම් වර්ජන ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනයාමට සිදුවන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා ප්‍රකාශ කරනවා.

Share This