රන් මාලයක් කොල්ලකා පලායමින් සිටි අයෙක් ගුටි කා නසී

රන් මාලයක් කොල්ලකා පලායමින් සිටි අයෙක් ගුටි කා නසී

කාන්තාවකගේ ගෙළ බැඳි රන්මාලයක් කොල්ලකා පලායමින් සිටි පුද්ගලයෙකු, පිරිසක් කළ පහරදීමකින් මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 39 හැවිරිදි වියේ පසුවන පානදුර, පිංවල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා ඊයේ (14) පස්වරුවේ පානදුර නගරයේ දී කාන්තාවකගේ ගෙළ බැඳි රන්මාලයක් කොල්ලකා පලා යමින් සිටියදී පිරිසක් විසින් ඔහුව අල්ලා පහරදී පානදුර දකුණ පොලිසියට භාරදී තිබේ.

පොලිසියට භාරදුන් මෙම පුද්ගලයා තරමක් අපහසුවෙන් පසුවීමත් සමඟ පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමටයි පොලිස් නිලධාරීන් කටයුතු කර ඇත්තේ.

එලෙස රෝහල් ගත කළ එම පුද්ගලයා ප්‍රතිකාර ලබමින් සිටිය දී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි, රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත දේහය පානදුර මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර, පානදුර දකුණ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Share This