පානදුර මාරක බස් අනතුරක් – කොන්දොස්තරවරයෙක් ජීවිතක්ෂයට

පානදුර මාරක බස් අනතුරක් – කොන්දොස්තරවරයෙක් ජීවිතක්ෂයට

පානදුර ලංගම බස් රථ නැවතුම්පොළ ආසන්නයේදී පුද්ගලික බස් රථයක් හා ලංගම බස් රථයක් ගැටීමෙන් අද (02) උදෑසන සිදුවූ අනතුරකින් රාජකාරි සදහා එමින් සිට් ලංගම කොන්දොස්තරවරයෙක් බස් රථයෙන් විසිවි පුද්ගලික බස් රථයේ රෝදයට යටවීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

මෙම අනතුරින් තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇති අතර තුවාලකරුවන් පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කොළඹ දෙස සිට පානදුර දෙසට ගමන් ගත් පෞද්ගලික බස් රථය පානදුර බස් නැවතුම්පොළ වෙත හැරවීමට උත්සාහ කළ ලංගම බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මියගිය පුද්ගලයා ලංගම බස් රථයේ ගමන් ගත් පුද්ගලයෙක් වන අතර, ඔහු පානදුර ඩිපෝවට අනියුක්තව සේවය කරන බස් කොන්දොස්තරවරක් බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35ක පුද්ගලයෙක්.

අනතුරින් පසු පෞද්ගලික බස් රථයේ රියැදුරු එම ස්ථානයෙන් පළාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පානදුර දකුණ පොලිසිය විමර්ශන ආරම්භකර තිබෙනවා.