ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු තරඟවලි දෙකකින් ඉවතට

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු තරඟවලි දෙකකින් ඉවතට

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු තරඟාවලි දෙකකින් ඉවත්කිරීමට තීරණය කළ බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය පවසයි.

ඒ අනුව, ඊට අදාළ ලිපිය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට යොමුකර ඇති බවයි, එම සම්මේලනය ප්‍රකාශ කළේ.

2024 වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් පිරිමි පාපන්දු තරගාවලියට අදාළ ආසියානු සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් සහ වයස අවුරුදු 23 න් පහළ ආසියානු පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ඉවත්කර තිබේ.

මෙම වසරේ ජනවාරි මස 21 වනදා සිට නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක කළ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සමාජිකත්වය තාවකාලිකව අහෝසි කිරීමේ තීරණයට යටත්ව එම සම්මේලනය මෙම තීරණය ගෙන තිබේ.

Share This