රිදියගම ගැන සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවෙන් CID යට පැමිණිල්ලක්

රිදියගම ගැන සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවෙන් CID යට පැමිණිල්ලක්

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සේවයේ යෙදී සිටි සහ වර්තමානයේ සේවයේ නිරත නිලධාරීන්ගෙන් යම් අනීතික ක්‍රියාවක් සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇත.

රිදියගම සෆාරි උද්‍යානය පිළිබඳව විවිධ පුද්ගලයින් සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍ය හරහා විවිධ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් සිටින බවත්, මෙම කරුණු සම්බන්ධයෙන්ද විමර්ශනයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

Share This