කෙහෙළිය ට ගෙදරින් කෑම ගන්න අවසර

කෙහෙළිය ට ගෙදරින් කෑම ගන්න අවසර

වෛද්‍ය නිර්දේශ මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට නිවසෙන් ලබාදෙන ආහාර ගැනීමට අවසර ලබා දී තිබේ.

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා ලිඛිත ඉල්ලීමක් කර ඇතැයි ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී. බී. දිසානායක මහතා පැවසුවේ ය.

මේ අතර දැනට බන්ධනාගාර රෝහලේ සිටින අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර සඳහා ඉල්ලීමක් කර නැතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.