චීනයේ රෝහලක ඇතිවූ ගින්නකින් 21දෙනෙකු මරුට

චීනයේ රෝහලක ඇතිවූ ගින්නකින් 21දෙනෙකු මරුට

චීනයේ බීජිං අගනුවර රෝහලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ගින්නෙන් තවත් පුද්ගලයින් 70 ක් පමණ තුවාල ලබා තිබෙන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඊයේ (18) සවස 01ට පමණ එම ගින්න ඇතිවී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් නිසි ලෙස ක්‍රියාත්මක වී නොමැති බවට ගිනි නිවන අංශ වෙත චෝදනා එල්ල වී තිබේ.

ඒ අනුව, මෙම ගිනි ගැනීම පිළිබඳව චීන බලධාරීන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Share This