විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ඉහළට

විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ඉහළට

විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් මෙරටට ඒවා ඇති මුදල් ප්‍රමාණය 2021 අප්‍රේල් මාසයෙන් පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 500 සීමාව ඉක්මවා තිබේ.

මෙම වසරේ මාර්තු මස ඇමෙරිකානු ඩොලර් මිලියන 568.3 ක වටිනාකමින් යුත් මුදල් ප්‍රමාණයක් විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් මෙරටට ඒවා ඇති අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 500 සීමාව පසු කරනු ලැබුවේ 2021 වසරේ අප්‍රේල් මාසයෙන් පසුව වීම විශේෂත්වයකි. පසුගිය වසරේ මාර්තු මාසයට සාපෙක්ෂවද සියයට 78.5 ක වැඩි වීමකි.

එසේම මෙම වසරේ ජනවාරි සිට මාර්තු මස දක්වා විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් මෙරටට එවා ඇති මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1000 ඉක්මවා ඇත.

මෙම වසරේ පළමු මාස තුන තුළ විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1413.2 ක වටිනාකමින් යුත් මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ඒවා තිබේ.

එය පසුගිය වසරේ පළමු මාස තුනට සාපේක්ෂව එය සියයට 80.6 ක වැඩි වීමකි.පසුගිය වසරේ පළමු මාස තුන තුළ විදෙස් ගතවී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඒවා තිබුණේ ඇමෙරිකානු ඩොලර් මිලියන 782.5 ක් පමණි.

Share This