web hit counter
පළාත් කීපයකට අද පස්වරුවේත් තද වැසි

පළාත් කීපයකට අද පස්වරුවේත් තද වැසි

දිවයිනේ බොහෝ පළාත්වල සවස 01.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම ඌව පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකියි.

බස්නාහිර සහ දකුණු පළාත්වල සහ උතුරු පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී වැසි ඇති විය හැකි බවද සඳහන්.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )