නොරෝච්චෝලට ගල් අගුරු නැව් පෝලිමක්

නොරෝච්චෝලට ගල් අගුරු නැව් පෝලිමක්

නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ විදුලි නිශ්පාදනය සදහා අවශ්‍ය ගල් අගුරු රැගත් නැව් 23 ක් මේ වන විට පැමිණ ඇති බව බලාගාර කළමණාකාර නාලක විජේකෝන් මහතා පවසයි.

එලෙස පැමිණි අවසාන නැවෙන් මේ දිනවල ගල් අගුරු ගොඩ බාමින් ඇති බවත් බලාගාරයේ විදුලි නිශ්පාදනය සදහා අවශ්‍ය ගල් අගුරු සංචිතය තුළ මෙට්‍රික් ටොන් තුන් ලක්ෂ අසු දහසකට ආසන්න ගල් අගුරු තොගයක් මේ වන විට ගබඩා වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව, මේ වන විට ගල් අගුරු රැගත් නැව් ඉලන්තඩිය මුහුදු සිමාවේ විශාල ලෙස නිරන්තරයෙන් දැක ගත හැකි අතර එසේ පැමිණෙන නැව් වලින් දෛනිකව ගල් අගුරු ගොඩ බෑම සිදුවන ආකාරය ද දැක ගත හැකිය.

එසේ ගොඩ බැම සිදුවන ගල් අගුරු බත්තල් මගින් ලක්විජය බලාගාර භුමියට රැගෙන ඒමට කටයුතු කරන බව බලාගාර නිළධාරියකු පැවසිය.