ජී.එල්. පීරිස් ප්‍රමුඛ නිදහස ජනතා සභාව හෙට සමගි ජන සන්ධානයට එක්වෙයි

ජී.එල්. පීරිස් ප්‍රමුඛ නිදහස ජනතා සභාව හෙට සමගි ජන සන්ධානයට එක්වෙයි

නිදහස ජනතා සභාව සමගි ජන සන්ධානය සමඟ හෙට (05) නිල වශයෙන් ගිවිසුම්ගත වන බව නිදහස ජනතා සභාව පවසයි.

ඒ අනුව, හෙට පෙරවරු 9.45 ට බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී අදාළ ගිවිසුමට එළඹෙන බවයි, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා සඳහන් කළේ.

මෙය ආරම්භයක් පමණක් බවත් වත්මන් ආණ්ඩුව පෙරළීම සඳහා නිර්මාණය කරන මහා සන්ධානයට තවත් පක්ෂ රැසක් එක් කර ගන්නා බවයි, මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් සඳහන් කළේ, එළඹෙන ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කර ගනිමින් නිර්මාණය කරන පුළුල්ම සන්ධානය මෙය බවයි.