ක්‍රීඩාවෙන් දේශපාලනය සම්පූර්ණයෙන් ඉවත් කිරීමට නව රෙගුලාසි

ක්‍රීඩාවෙන් දේශපාලනය සම්පූර්ණයෙන් ඉවත් කිරීමට නව රෙගුලාසි

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දේශපාලනීකරණයෙන් ඉවත් කිරීමේ පියවරක් ලෙස සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් 2024 අංක 1 දරන සුවිශේෂී රෙගුලාසියකට අද (03) දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී අත්සන් කර තිබේ.

එය 1973 අංක 25 දරන ක්‍රීඩා නීති පනතට අනුකූලව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් යටතේ ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගම් 73ක අවශ්‍යතා ඇතුළත් වන අතර අවශ්‍ය විටෙක පියවර ගැනීමට අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පවරා ඇති බවයි, සඳහන් වන්නේ.

තවද සියලුම ක්‍රීඩා අංශයන්හි දුක්ගැනවිලිවලට සවන් දී රටේ ක්‍රීඩාවේ යහපත උදෙසා ඔවුන්ට මග පෙන්වන ඔම්බුඩ්ස්මන්වරයෙකු අමාත්‍යවරයා විසින් පත් කර තිබේ.

Share This