පළාත් පාලන ඡන්ද විමසීමේ නාමයෝජනා අවලංගු කෙරේ

පළාත් පාලන ඡන්ද විමසීමේ නාමයෝජනා අවලංගු කෙරේ

දින නියමයක් නොමැතිව කල් දමා ඇති පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කර ඇති නාමයෝජනා අවලංගු කිරීමට රජය පියවර ගෙන තිබේ.

හිටපු පළාත් පාලන නියෝජිතයින් කරනු ලැබූ ඉල්ලීම් වල ප්‍රතිඵලයක් ලෙස තීරණය ගෙන තිබේ.

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා භාරදුන් නාමයෝජනා අවලංගු කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවද පසුගිය වසරේ සැප්තැම්බර් මස 21 වනදා ඒකමතිකව තීරණය කළේය.

ඒ අපේක්ෂකයින් මුහුණ දී ඇති අපහසුතාවයන් සැලකිල්ලට ගනිමිනි.