රුපියලේ අගය ඉහළ යාමේ වාසිය ළඟදීම ජනතාවට

රුපියලේ අගය ඉහළ යාමේ වාසිය ළඟදීම ජනතාවට

ඩොලරයට සාපෙක්ෂව රුපියලේ අගය ඉහළ යාමේ වාසිය ජනතාවට ලබාදීමට රජය ඉදිරියේදී වැඩපිළිවෙළක් සකස්කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

වෙළෙඳපොළේ ඇති භාණ්ඩවලින් සියයට 75ක පමණ ප්‍රමාණයක් ආනයනික භාණ්ඩ හෙයින් ඩොලරයේ අගය අඩුවනවිට එම භාණ්ඩවල මිලද අනිවාර්යෙන්ම අඩුවිය යුතු බවයි, මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

භාණ්ඩවල මිල අඩුකිරීම පිළිබඳව සොයා බැලීමට මුදල් අමත්‍යංශයේ වෙළෙඳ ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව සහ පාරිභෝගික කටයුතු අධිකාරිය මේ දිනවල සමීක්ෂණයක් කරන බව ද සියඹලාපිටිය මහතා පැවසීය.

ගොඩනැගිලි ද්‍රව්‍ය, ආහාර වර්ග හා කෘෂි කර්මාන්තයට සම්බන්ධ ද්‍රව්‍ය හා උපකරණ මිල ගණන් මෙන්ම පාසල් උපකරණ ඇතුළු අනිකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගණන් කෙසේ අඩු වන්නේ ද, එසේ අඩුනොවන්නේ නම් ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග මොනවා ද යන්න ‍අදාළ සමීක්ෂණය මඟින් සොයා බලන බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

 

Share This