“බිත්තර නැතුව වටලප්පන් කන්න ලෑස්ති වෙන්න එපා” – පොහොට්ටු මන්ත්‍රී රනිල්ට කියයි

“බිත්තර නැතුව වටලප්පන් කන්න ලෑස්ති වෙන්න එපා” – පොහොට්ටු මන්ත්‍රී රනිල්ට කියයි

‘බිත්තර නොමැතිව වටලප්පම් කෑමට සූදානම් නොවන ලෙස’ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

එම මන්ත්‍රීවරයා විසින් එම ප්‍රකාශය කර ඇත්තේ කොළඹ ප්‍රදේශයේ හෝටලයක ආණ්ඩුවේ කටයුතු පිළිබඳව ජනතාව දැනුවත් කරන්නේ කෙසේද යන්න පිළිබඳව පැවති සාකච්ඡාවක් අතරතුරදීය.

එම සාකච්ඡාව අතරතුර මන්ත්‍රීවරුන් කිහිපදෙනකුම ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුවේ කටයුතු පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට ගිය විට ආණ්ඩුවේ ජනාධිපති අපේක්ෂකයා කවුදැයි ජනතාව විමසන බවයි.

එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරී පත්වී මේ වන විටත් ජනාධිපතිවරයාට පක්ෂව කටයුතු කරන මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුවේ ජනාධිපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ බවයි.

එහිදී තවදුරටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කටයුතු කරන මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇත්තේ මේ වන තෙක් රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබාදීමට පක්ෂයක් ලෙස තීරණයක් ගෙන නොමැති නිසා ආණ්ඩුවේ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ බව ප්‍රකාශ කළ නොහැකි බවයි.

එහිදී එම මතය පිළිබඳව තවදුරටත් සාකච්ඡා වී ඇති අතර එම අවස්ථාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පක්ෂව කටයුතු කරන මන්ත්‍රීවරයකු ජනාධිපතිවරයාට පවසා ඇත්තේ ‘බිත්තර නොමැතිව වටලප්පම් කෑමට’ සූදානම් නොවන ලෙසයි.

Share This