ඉස්සරහට එන විශ්වාසභංග පෝලිම ගැන මරික්කාර් කියයි

ඉස්සරහට එන විශ්වාසභංග පෝලිම ගැන මරික්කාර් කියයි

මුලින්ම සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සජබ මාධ්‍ය ප්‍රකාශක එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.

ඒ මහතා කියා සිටියේ ඉන් අනතුරුව ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්ද රැගෙන එන බවකි.

මේ අතර සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එමෙන්ම ඊයේ පස්වරුවේ රැස්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ඒකමතිකව තීරණය කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය මේ සතියේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමටය.

සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් එම ධුරවලින් ඉවත්විය යුතු බව පවසමින්, එම අමාත්‍යාංශය ඉදිරිපිටදී අද (18) උදෑසන සත්‍යග්‍රහයක් ද ආරම්භ කෙරුණි.

Share This