වර්ෂයකට ප්‍රමාණවත් පිළිකා ඖෂධ ප්‍රදානයේ පළමු ඖෂධ තොගය සෞඛ්‍ය අමාත්‍යාංශයට

වර්ෂයකට ප්‍රමාණවත් පිළිකා ඖෂධ ප්‍රදානයේ පළමු ඖෂධ තොගය සෞඛ්‍ය අමාත්‍යාංශයට

මෙරට රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන් හට ප්‍රතිකාර කිරීම සදහා භාවිතා කරණු ලබන අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීම අද (11) පෙරවරුවේ එම අමාත්‍යාංශයේදී සිදු කෙරිණ.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත ඇමරිකා එක්සත් ජනපදයේ LDS Latter – day saints charities ආයතනයේ ආසියානු කලාපයේ සුබසාධන අධ්‍යක්ෂ – Mr. Mickey Lui මහතා විසින් එම ඖෂධ තොගය නිළ වශයෙන් භාරදෙන ලද අතර එහි වටිනාකම ඇමරිකානු ඩොලර් 225,000 කට අධිකය.

මෙම වර්ෂයේ පෙබරවාරි මාසයේදී සෞඛ්‍ය අමාත්‍යංශය සහ LDS Latter – day saints charities (USA) ආයතනය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුමට අනුව මෙරටට ලැබුනු පළමු ඖෂධ තොගය මෙයවේ.

එම අවබෝධතා ගිවිසුමට අනුව අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ වර්ග 13 ක් මෙරටට ලැබෙන අතර එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියනයකට අධිකය.

මෙරට වර්ෂයක පිළිකා ප්‍රතිකාර සදහා එය ප්‍රමාණවත් වනු ඇත.

Abiraterone Acetate -250 mg tablet, Anastrozole 1 mg tablet, Capecitabine 50mg tablet, Carboplatin 450mg/45ml Vial 450mg Injection, Ciplatin 50mg /50ml vial 50mg Injection, Dacarbazine 200mg vial 200mg Injection, Docetaxel 4mgVial 80mg Injection, Docetaxel 80mg/4mg Vial 80mg Injection, Irrinotican 100mg/5ml Vial 80mg Injection ඇතුලු තවත් පෙති වර්ග, එන්නත් වර්ග පිළිකා ඖෂධ එම තොගයට ඇතුලත් වේ.