රාමසාන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

රාමසාන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පල්ලි ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට ඊට අදාළව උපදෙස් නිකුත් කර ඇත.

මේ අනුව මුස්ලිම් ජනතාව බහුලව වෙසෙන පළාත්වල මෙම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

රාමසාන් උත්සවය ලබන 23වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇත.