විදුලි පංකාවක ගැටී පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට

විදුලි පංකාවක ගැටී පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට

පුස්සැල්ලාව හින්දු ජාතික පාසලේ 14 හැවිරිදි පාසල් සිසුවෙකු විදුලි පංකාවක ගැටී සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පාසලේ පැවති උත්සවයකින් අනතුරුව අදාළ සිසුවා තවත් සිසුන් කිහිපදෙනෙකු සමඟ පංති කාමරය තුළ සෙල්ලම් කරමින් සිටියදී පුටුවක ආධාරයෙන් මේසයක් මතට නැගීමේදී සිවිලීමේ සවිකර තිබු විදුලි පංකාවේ ගැටී ඇති අනතුර සිදුව ඇති බවයි, පොලිසිය සිදුකල විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

අනතුරෙන් බරපතළ තුවාල ලැබු සිසුවා ගම්පොළ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මියගිය සිසුවා ඩෙල්ටා දකුණ කොටස, පුපුරැස්ස ප්‍රදේශයේ පදිංචි අයෙකි.

මෘත ශරීරය ගම්පොල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්‌ කර ඇති අතර පශ්චාත්‌ මරණ පරික්ෂණය පැවැත්වීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් පුස්සැල්ලාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.