තමිල්නාඩුවේදී ශ්‍රී ලාංකික තරුණයින් තිදෙනෙක් අනතුරකින් මරුට

තමිල්නාඩුවේදී ශ්‍රී ලාංකික තරුණයින් තිදෙනෙක් අනතුරකින් මරුට

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිදුවූ අනතුරකින් ශ්‍රී ලාංකික තරුණයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 19,20 සහ 21 හැවිරිදි වියේ පසුවූ තරුණයින් තිදෙනෙකි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඔවුන් තිදෙනාම යතුරුපැදියක ගමන්කරමින් සිටියදී මෙලෙස අවාසනාවන්ත ලෙස අනතුරට ලක්ව ඇති බවයි.

කෙසේ වෙතත් ඇතැම් විදෙස් මාධ්‍ය වර්තා කර ඇත්තේ, ඔවුන් යතුරුපැදියේ ගමන්කරමින් සිටියදී ජංගම දුරකථනයෙන් යම් රූගත කිරීමක් සිදුකිරීමට උත්සාහ කිරීමේදී යතුරුපැදිය පාලනය කරගැනීමට නොහැකි වී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි.

එහිදී බරපතළ තුවාල ලැබූ තරුණයින් තිදෙනා රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇතත් ඒ වනවිටත් ඔවුන් ජීවිතක්ෂයට පත්ව ඇති බව අනාවරණය වී තිබේ.

ඔවුන් තමිල්නාඩුවේ ගුම්මිඩිපූන්ඩි හි සරණාගත කඳවුරක රඳවා සිටියදී සුළු රැකියාවල නිරතව සිට ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් ඇතැම් විදෙස් මාධ්‍ය වර්තා කරන්නේ, ඔවුන් යතුරුපැදියේ ගමන්කරමින් සිටියදී ජංගම දුරකථනයෙන් යම් රූගත කිරීමක් සිදුකිරීමට උත්සාහ කිරීමේදී යතුරුපැදිය පාලනය කරගැනීමට නොහැකි වීම නිසා මෙම අනතුර සිදු වී ඇති බවයි.