ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර මිලියනයක් දිවයිනට

ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර මිලියනයක් දිවයිනට

ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර මිලියනයක් රැගත් නෞකාවක් ඊයේ(20) රාත්‍රි කොළඹ වාරයට ළඟා වී ඇත.

එහි සාම්පල අද(21) සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලබා ගනු ඇතැයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේය.

මේ අතර, පසුගිය 15 වැනිදා දිවයිනට ළඟා වූ බිත්තර තොගයේ සාම්පල ඊයේ දිනයේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලබා ගෙන තිබේ.

එහි වාර්තා තවත් දින 04කින් ලැබීමට නියමිතය.

මේ වනවිට මෙරටට ඉන්දියාවෙන් ආනයනය කර ඇති බිත්තර ප්‍රමාණය මිලියන 05 කි.

එම බිත්තර රුපියල් 35ක මිලකට මහා පරිමාණ බේකරි හිමියන්ට හා හෝටල් හිමියන්ට අඛණ්ඩව නිකුත් කරන බවද ඔහු පැවසීය.

මේ අතර , බිත්තරයක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිළ ඇතුළත් ගැසට් නිවේදනයක් ඊයේ (20) නිකුත් කෙරිණ.