රැජිනිකාන්ත් යළි ශ්‍රී ලංකාවට

රැජිනිකාන්ත් යළි ශ්‍රී ලංකාවට

දකුණු ඉන්දීය ජනප්‍රිය සිනමා නළු රැජිනිකාන්ත් යළිත් මාලදිවයින සිට අද (26) දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු අද (26) දහවල් 11.20ට මාලදිවයින සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි වාර්තා වන්නේ.

කටුනායක ගුවන් තොටුපොළට පැමිණි ඔහු ඉතා උසස් අන්දමින් පිළිගැනීමට ගුවන් තොටුපොළ කාර්යමණ්ඩලය පියවර ගෙන තිබේ.

අනතුරුව ඔහු ටික වේලාවකට පසුව ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගොස් තිබෙනවා.

රැජිනිකාන්ත් මීට පෙර පසුගිය 14 වනදා මාලදිවයින බලා යන අතර තුර කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

IMG 20230726 WA0129

Share This