ඇමෙරිකානු ජනපති ආර්යාවට කොවිඩ්

ඇමෙරිකානු ජනපති ආර්යාවට කොවිඩ්

එක්සත් ජනපද ජනාධිපති ආර්යාවට කොවිඩ් සඳහා වූ පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා

ජිල් බයිඩන්ට මෘදු රෝග ලක්ෂණ පමණක් ඇති බව ඇගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා .

72 හැවිරිදි ජනාධිපති ආර්යාව Delaware ප්‍රදේශයේ Rehoboth Beach හි පිහිටි නිවසේ රැඳී සිටින බවත් සඳහන්

ජිල් බයිඩන් අවසන් වරට කොවිඩ් සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළේ වසරකට පෙරදී බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

මේ අතර ධවල මන්දිරය ප්‍රකාශ කර තිබෙන්නේ ජනාධිපති ජෝ බයිඩන්ට සිදු කළ පරීක්ෂණයෙන් වෛරසය ආසාදනය වී නොමැති බවයි

එමෙන්ම 80 හැවිරිදි ජනාධිපති ජෝ බයිඩන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන පරීක්ෂණ සිදුකරමින් සහ රෝග ලක්ෂණ පිළිබඳව නිරීක්ෂණය කරන බව ධවල මන්දිරය පවසා තිබෙනවා

Share This