අද සිට වැසි තත්වය තවත් ඉහළට

අද සිට වැසි තත්වය තවත් ඉහළට

ලංකාවට ආසන්නව නැගෙනහිර දෙසින් බෙංගාල බොක්කේ වර්ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපයේ බලපෑම මත අද (07), හෙට (08) සහ අනිද්දා (09) යන දිනයන්හිදී බස්නාහිර ඇතුළු පළාත් හතරක වැසි තත්ත්වයේ වැඩි වීමක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපය වර්ධනය වීම සඳහා ලංකාව හරහා සුළං ගමන් කරන බවත්, මේ නිසා මෙරට නිරිත දිග කොටසට වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසීය.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ යන පළාත්වලට වැසි තත්ත්වයේ වැඩි වීමක් සිදුවිය හැකි බවද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කීවේය.

Share This