තරුණයකු සමග හෝටලයට ආ දැරියගේ නිරුවත් මළ සිරුර හමුවෙයි

තරුණයකු සමග හෝටලයට ආ දැරියගේ නිරුවත් මළ සිරුර හමුවෙයි

ගාලු පාර කළුතර ප්‍රදේශයේ හෝටලයකට තරුණයකු සමඟ පැමිණි 16 හැවිරිදි දැරියගේ නිරුවත් මළ සිරුර හෝටලය පිටුපස දුම්රිය මාර්ගයේ වැටී තිබියදී සොයා ගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.

මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි දැරියකි.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට දැරිය සමග හෝටලයට පැමිණි බව කියන කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර දැරිය සමග කාමරයේ රැඳී සිටි බව කියන තරුණයා පලාගොස් ඇතැයි පොලිසිය කියයි.

මියගිය දැරිය තවත් කාන්තාවක් හා පිරිමි පුද්ගලයන් දෙදෙනකු සමඟ ඊයේ සවස පස්මහල් හෝටලයට පැමිණ කාමර 2 ක් කුලියට ඉල්ලා ඇති අතර ඔවුන්ට තෙවන මහලේ කාමර දෙකක් කුලියට ලබා දී තිබූ බව පොලිසිය පවසයි.

මියගිය තරුණියගේ හිස, ගෙල, පපුව සහ කලවා ප්‍රදේශයේ සීරීම්, කැපීම් සහ තැලීම් තුවාල දැකගැනීමට හැකිවූ බව පැවසූ පොලිසිය දැරිය සමග සිටි තරුණයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් පරීක්ෂණ සිදුකරන අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරිමට නියමිතයි.

තරුණිය පැන්නාද වැටුනා දැයි දැනගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

 

 

Share This