දවසේ ලග්න පලාපල – 2023 නොවැම්බර් මස 03 වන සිකුරාදා

දවසේ ලග්න පලාපල – 2023 නොවැම්බර් මස 03 වන සිකුරාදා

රාහු කාලය
10:24 am – 11:54 am

සුභ දිශාව
නැගෙනහිර

මරු සිටින දිශාව
ගිණිකොන

Qries

මේෂ

ක්‍රියාශීලී දිනකි. රාජකාරිවලට අමතර ක්‍රියාකාරකම් ද සාර්ථකව ඉටු කරයි. පොදු සේවා ක්‍රියාවලදී කැපී පෙනේ. ප්‍රීති උත්සව සාද වැනි දේවලට සහභාගි වෙයි. නවක මිතුදම් ප්‍රබල වෙයි. සෙම් රෝග, උෂ්ණ රෝග මතුකරයි.

Date: 2023-11-02

ජය අංකය: 05
ශුභ වර්ණය: තද රෝස
Qries

වෘෂභ

ශුභා ශුභ මිශ්‍ර ඵල ගෙන දෙයි. ප්‍රීති උත්සව සාද වැනි දේවල් යෙදේ. නවක මිතුදම් වර්ධනය වෙයි. ශුභදායී දිනකි. තම වටිනාකම ද ප්‍රදර්ශනය වෙයි. සෞන්දර්ය ක්‍රියාවන්ගෙන් ජය ලබයි. මුත්‍රා ආසාදන රෝග අශ්මරි රෝග මතුවේ.

Date: 2023-11-02

ජය අංකය: 02
ශුභ වර්ණය: සුදු
Qries

මිථුන

තරමක් සමාජ සත්කාරක ක්‍රියාවන්හි යෙදෙන අතර තම අරමුණු යටපත් කරයි. යටපත්ව තිබූ ප්‍රේම සබඳතා ඉස්මතු වෙයි. තනතුරු ලාභ ලබයි. ක්‍රියාකාරකම්වලදී බුද්ධිමත් විය යුතුය. සෙම් රෝග කාය ස්වාස මතුවෙයි.

Date: 2023-11-02

ජය අංකය: 03
ශුභ වර්ණය: කොළ
Qries

කටක

ගමන් බිමන් තරමක් බහුල වෙයි. ප්‍රීති සාද මංගල සාද වැනි දේවල්වල යෙදේ. ඇසුරු කරන්නන් අතර ප්‍රධානව ක්‍රියා කරයි. ඇසුරින් දුරස්ව සිටි ඥාතීන් සමීප වන කරුණු යෙදේ. හදිසි ලාභ ලබයි. සිරසගත රෝග ද මතුකරයි.

Date: 2023-11-02

ජය අංකය: 07
ශුභ වර්ණය: කහ
Qries

සිංහ

ගමන් බිමන් බහුල වෙයි. ප්‍රීති උත්සව වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. ආගමික උත්සව වැනි දේවල්වලට ද සහභාගි වීමේ අවස්ථා යෙදෙන අතර තරමක් වැයබර අධික දිනකි. අමතර ලාබ ද ලබයි. සන්ධි ප්‍රදාහ රෝග මතුවේ.

Date: 2023-11-02

ජය අංකය: 01
ශුභ වර්ණය: ලා රෝස
Qries

කන්‍යා

කාර්ය බහුල දිනකි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශිව ක්‍රියා කරයි. වන්දනා ගමන් වන්දනාමාන ක්‍රියා වැනි දේවලට යොමු වෙයි. ඇසුරින් දුරස්ථව සිටි ඥාතීන් සමීප වන කරුණු ද යෙදේ. මූල රෝග බඩවැල් රෝග මතුවෙයි.

Date: 2023-11-02

ජය අංකය: 06
ශුභ වර්ණය: රන්වන්
Qries

තුලා

සමාජ සත්කාරක ක්‍රියා පොදු කටයුතු ආදියෙහි යෙදේ. දුර ගමන් යෙදෙන අතර ආගමික වතාවත් ගරු කර ක්‍රියාවන්හි යෙදේ. තම ඥාතීන් ද දහමට යොමු කරවන කරුණු යෙදේ. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝගවලට හේතුයි.

Date: 2023-11-02

ජය අංකය: 07
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

වෘශ්චික

සුපුරුදු ක්‍රියාවන්ගෙන් දුරස්ථව දහමට ලැදිව ක්‍රියාකරයි. දස පුණ්‍ය ක්‍රියාවන්හි යෙදේ. ප්‍රීති උත්සව සාද වැනි දේවල් ද යෙදේ. දුර ගමන් යෙදේ. මිල මුදල් තරමක් වැයවේ. පෙණහලු ආසාදන රෝග මතුවේ.

Date: 2023-11-02

ජය අංකය: 04
ශුභ වර්ණය: රතු
Qries

ධනු

ශුභවාදී ඵල දෙයි. දහමට ලැදිව ක්‍රියාකරයි. ආගමික පුද පූජා වතාවත් ගරු කරයි. පොදු සේවා ද දියත් කරයි. විනෝද උත්සව සාදවලට ද සහභාගි වීමේ අවස්ථා යෙදේ. සන්ධි ප්‍රදාහ රෝග, ඉදිමුම් රෝග මතුවේ.

Date: 2023-11-02

ජය අංකය: 06
ශුභ වර්ණය: ලා නිල්
Qries

මකර

ගමන් බිමන් බහුල වෙයි. විනෝද ගමන් වන්දනා ගමන් වැනි දේවලට හේතුයි. සතුරන් දමනය වෙයි. යාන වාහන මිලට ගැනීමට විකිණීමට හේතුයි. ආර්ථිකයේ වර්ධනයට හේතු කරුණු යෙදේ. නේත්‍ර රෝග දත් රෝග මතුවේ.

Date: 2023-11-02

ජය අංකය: 08
ශුභ වර්ණය: ලා දුඹුරු
Qries

කුම්භ

ශුභවාදී ඵල දෙයි. දුර ගමන් වන්දනා ගමන් වැනි දේවලට සහභාගි වෙයි. දානමානාදි ක්‍රියාවන්හි මුල් තැන දෙයි. තම ඥාතීන් ඒ සඳහා යොමු කරවයි. හදිසි ලාභ දෙයි. වාතාධික රෝග මතු කරයි.

Date: 2023-11-02

ජය අංකය: 01
ශුභ වර්ණය: තැඹිලි
Qries

මීන

ශුභා ශුභ මිශ්‍ර ඵල දෙයි. ගමන් බිමන් යෙදේ. ප්‍රීති සාදවලට සහභාගි වේ. දහමට අවතීර්ණව ක්‍රියා කරයි. දාන මානාදි පුණ්‍යකර්මවල යෙදේ. මිල මුදල් තරමක් වැය වෙයි. සිරසගත රෝග මතු කරයි.

Date: 2023-11-02

ජය අංකය: 09
ශුභ වර්ණය: දම්

 

Share This