රට ගිහින් ආපු අයට සුබ පණිවිඩයක්

රට ගිහින් ආපු අයට සුබ පණිවිඩයක්

විදෙස් ගතව සිට මෙරටට පැමිණ සිටින පුද්ගලයින් ට නැවත ව්‍යාපාර ආරම්භ කිරීමට අඩු සහන පොලියට ණයක් ලබාදීමට තීරණය කර තිබේ.

අද (25) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මනූෂ නානායක්කාර අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

විදෙස් ගත ශ්‍රමිකයින්ට මිලියන 2ක් දක්වා අඩු පොලියට ණයක් ගන්න කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළා. “ඊයේ දවසේ කැබිනට් මණ්ඩලය ඒකට අනුමැතිය ලබාදුන්නා, විදේශ රැකියා නියුක්ති කාර්යාංශය බිලියන 5ක ණය යොමු කරලා තියෙනවා.

කැබිනට් මණ්ඩලය යෝජනා කළා ඒ ලබාදෙන මුදලට අමතරව රුපියල් මිලියන 2ක ණය මුදලට අමතරව, ඒක ලබාදෙන්නේ රට ඉන්න අයට. දැනට ඇවිල්ලා ඉන්න අයටත් ඒ අයගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න, නැවත ව්‍යවසායකයෙක් බවට පත්කරන්න මේ ණය ක්‍රමය තවදුරටත් පුළුල් කරන්න කියලා ජනාධිපතිවරයා අපට උපදෙස් දුන්නා…”