සමුද්‍ර කෞතුකාගාරයේ ප්‍රවේශපත්‍ර ආදායමෙන් ලක්ෂ 16ක් හොරා කාලා

සමුද්‍ර කෞතුකාගාරයේ ප්‍රවේශපත්‍ර ආදායමෙන් ලක්ෂ 16ක් හොරා කාලා

ගාල්ල සමුද්‍ර කෞතුකාගාරයේ ප්‍රවේශපත්‍ර ආදායම බැංකුගත කිරිමේ දි 2014 ජනවාරි සිට 2022 අගෝස්තු මස දක්වා කාලය තුළදි රුපියල් 1,652,605 මුල්‍ය වංචාවක් සිදුවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවේ සදහන් වේ.

කෞතුකාගාරයේ ප්‍රවේශපත්‍ර ආදායම බැංකුගත කිරිමේ දි සිදුවි ඇති මුල්‍ය අක්‍රමිකතා පිළිබද 2023 මැයි මස 31 දින ඉදිරිපත්කොට ඇති මුලික විමර්ශන වාර්තාව අනුව මෙම තොරතුරු අනාවරණය වි තිබේ.

ඒ අනුව කෞතුකාගාර දේපාර්තමේන්තුව වෙත අහිමිකර ඇති සමස්ථ ආදායම රුපියල් 1,652,605 ක මුදලක් බවද මෙකි වාර්තාවේ සදහන් වේ.

අලෙවිකළ ප්‍රවේශ පත්‍ර ආදායම් පිළිබද දෛනික ලේඛන තුලනය කිරිමත්, මුදල් බැංකුගත කිරිමත්, අක්‍රමිකතාවයට වගකිවයුතු ස්ථානභාර නිලධාරියා විසින් සිදුකොට තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.