ලොකු ළූණු මිළ පහළට

ලොකු ළූණු මිළ පහළට

මාස කිහිපයක සිට විශාල ලෙස ඉහළ ගොස් තිබුණු ලොකු ළූණු වල මිල මේ වන විට යළි පහත වැටී ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඉන්දියාවෙන් ගෙන්වන ලද බී ළූණු කිලෝවක තොග මිල රුපියල් 140 ක්.

පාකිස්තානයෙන් ගෙන්වන ලද බී ලූණු කිලෝවක තොග මිල රුපියල් 100 – 120 ත් අතර මිලක පවතින අතර චීනයෙන් ගෙන්වන ලද බී ලූණු කිලෝවක තොග මිල රුපියල් 60ක් වන බව සඳහන්.