පුද්ගලයින් 4කට මරණීය දණ්ඩනය

පුද්ගලයින් 4කට මරණීය දණ්ඩනය

පුද්ගලයින් සිව් දෙනෙකු සදහා බලපිටිය මහාධිකරණය විසින් ඊයේ (22) මරණ දණ්ඩණය නියම කර ඇත.

2005 වසරේ දී පිටිගල, අමුගොඩ ප්‍රදේශයේ දී නීති විරෝධී රැස්වීමක සාමාජිකයන්ව සිටිමින් කඩු සහ පොලුවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදු කර මිනී මැරීමට තැත් කිරීමේ අපරාධයක් සම්බන්ධයෙන් දිර්ඝ ලෙස සිදු වූ නඩු විභාගයකින් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.

මරණීය දණ්ඩනය නියම වූ පුද්ගලයින් දෙහිවල, මොරටුව හා පොළොන්නරුව ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.