කිම් ජොන් උන් සහ ව්ලැඩිමීර් පුටින් අතර හමුවක් මේ මාසයේ

කිම් ජොන් උන් සහ ව්ලැඩිමීර් පුටින් අතර හමුවක් මේ මාසයේ

උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන් රුසියාවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවීමට මේ මස රුසියාවට යාමට සැළසුම් කර ඇති බව එක්සත් ජනපද නිලධාරියෙකුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

යුක්‍රේනයේ පවතින යුද්ධයට සහාය වීම සඳහා උතුරු කොරියාවෙන් මොස්කව් වෙත ආයුධ සැපයීමේ හැකියාව පිළිබඳව නායකයින් දෙදෙනා සාකච්ඡා කරනු ඇති බවයි එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ

කෙසේවෙතත් සැළසුම් කර ඇති මෙම රැස්වීම පැවැත්වෙන නිශ්චිත ස්ථානය පිළිබඳව පැහැදිලි නැති බවද සඳහන්

උතුරු කොරියාවෙන් හෝ රුසියාවෙන් මේ පිළිබඳව තවමත් අදහස් දැක්වීමක් සිදු කර නැහැ.

උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන් බොහෝ දුරට සන්නද්ධ දුම්රියෙන් ගමන් කිරීමට ඉඩ ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මේ අතර උතුරු කොරියාව රුසියාවට ආයුධ සැපයුවහොත් සම්බාධක පැනවීම ඇතුළු ක්‍රියාමාර්ග ගන්නා බවට එක්සත් ජනපදය අනතුරු අඟවා තිබෙනවා

Share This